Home දේශීය පුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් පත්කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් පත්කෙරේ

2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන සහ අම්පාර ආසන සඳහා නව සංවිධායකවරුන් පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙසට රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පත්කර ඇති බවයි.

අම්පාර ආසනයේ නව සංවිධායකවරිය ලෙසට රාජ්‍ය ඇමතිනි ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය පත්කර තිබෙනවා.

ඔවුන් ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා.

මේ අතර, හොරොව්පතාන සහ අම්පාර ආසනවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරුන් වශයෙන් ද ජනාධිපතිවරයා විසින් ඔවුන් දෙදෙනා පත්කර තිබෙනවා.

Share this Article!

Your Comments