ශ්‍රී ලංකා – චීන සිසුන්ගේ ඒකාබද්ධ චිත්‍ර ප්‍රදර්ශනය

22

ශ්‍රී ලාංකික සිසුන් සමග චීනයේ, බෙයිජිං, ටියංජිං සහ හෙබෙයි නගරවල සිසුන් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ සිසු චිත්‍ර ප්‍රදර්ශනය ඊයේ (23) කොළඹ ප්‍රසාංගික හා දෘෂ්‍ය කළා විශ්ව විද්‍යාලයේ ජේ.ඒ.ඩී.පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී නිමාවට පත්වුනා.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අධ්‍යක්ෂ ලියූ තුං ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූවා.

බෙයිජිං හී පැවති ශ්‍රි ලංකා සංස්කෘතික සතිය පදනම් කොට ”21 වන සියවසේ සේද මාවත” සංකල්පය තේමාකොට ගනිමිනුයි මෙම ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ.

ප්‍රදර්ශනය සඳහා දෙරටේ සිසුන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර 100ක් පමණ එක්කර තිබුණා.

ප්‍රදර්ශනය සඳහා චිත්‍ර නිර්මාණය කළ චීනයේ සිසුන් සහ විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන බෙයිජිං මිත්‍ර සංගමයේ උසස් නිළධාරින්ද මෙම ප්‍රදර්ශනයට සහභාගී වී සිටියා.

Your Comments