ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර මිත්‍ර සබඳතා වැඩිදියුණු කර ගැනීමට අවධානය

11

ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර පවතින මිත්‍ර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජෝර්ජියාවේ තුන් දින නිල සංචාරක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජෝර්ජියා ජනාධිපතිවරයා අතර ඊයේ පැවැත්වු සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව නායක හමුව සඳහා සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජෝර්ජියාවේ සංචාරයකට එක්ව සිටිනවා.
දෙරට අතර පවතින ආර්ථික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.
ඊට අවශ්‍ය සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නිලධාරීන්ට උපදෙස් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද මෙහිදී රාජ්‍ය නායකයන් දෙපළගේ විශේෂ අවධානයක් යොමුවුනා.
ජෝර්ජියා ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා සෑම අංශයකින්ම ඉහළ නංවා ගැනීමට ඉතා කැමැත්තෙන් පසුවන බවයි.

Your Comments