Home දේශීය පුවත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපතිට චෝදනා

වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපතිට චෝදනා

18

වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති හා වයඹ පළාත් සභාවේ මන්තීවරයෙකු ඇතුලු පිරිසක් දන්කොටුව ජයකොඩි ක්‍රීඩාංගණය අසල ඇති ඉඩමකට ඇතුලු වි එහි කම්බි කණු කඩා දමා ඇති බවට පොලීසියට පැමිණීල්ලක් ලැබී තිබෙනවා.
එහිදී තර්ජනය කිරිමක් ද සිදුව ඇති බවටයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.
ඒ අනුව ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව දන්කොටුව පොලිසිය සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතාගෙන් කළ විමසිමකදී ඒ මහතා කියා සිටියේ ඉඩම ප්‍රාදේශිය සභාවට අයිති බවයි.
කෙසේ වෙතත් තර්ජනය කළ බවට එල්ලවන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළා.
මෙම ඉඩම සම්බන්ධයෙන් ඉඩම් හිමියා ඔප්පුවක් ඉදිරිපත් කර ඇති බවත් සභාවට මෙම ඉඩම සම්බන්ධයෙන් තිබෙන අයිතිය පිළිබඳ ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති බවත් දන්කොටුව පොලිසිය පැවසුවා.

Your Comments