විවිධ ක්ෂේත්‍රවල වැඩවර්ජන ඇතිවීමට හේතු හිටපු ජනපති හෙලි කරයි

10

ආණ්ඩුවේ ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් දුම්රිය වර්ජන ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල වැඩවර්ජන සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව කියාසිටියේ ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති ආගමික වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

දුම්රිය වර්ජනය කරන්නේ ඇයි? ප්‍රශ්නයක් තියෙන විට ඒ ප්‍රශ්නය සාකච්ඡා කරලා වර්ජනය කරන්න කලින් විසඳන්න ඕන. ප්‍රශ්නය විසඳුවා නම් ඔය ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. මහජන ලොකු කරදරයක වැටුණා. ස්වාධීන කොමිසන් සභාවලට වැඩි කරන්නයි, නීතිපති දෙපාර්තමේන්තුවට වැඩි කළා, නඩුකාරවරුන්ට වැඩි කළා. විශ්වවිද්‍යාල අයට වැඩි කළා. එක එක අරහෙන් මෙහෙන් හැම තැනින්ම පඩි වැඩි කරලා. එහෙම කළාම විෂමතා ඇති වෙනවා. අපේ කාලේ ඊට වඩා වෙනස් විදිහකට තමයි කරලා තියෙන්නේ. එහෙම නැතිව අතනින් මෙතැනින් පඩි වැඩි කළාම ගැටලු එනවා . ඉතින් ඒ ගැටලුව තමයි දැන් ඇවිත් තියෙන්නේ. ඉතින් මෙයාලාගේ වැරද්ද… ආණ්ඩුවේ නොහැකියාව.

එහිදී මාධ්‍යවේදීන් විපක්ෂ නායක ධූරය සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.

අපට 70ක් ඉන්නවා. කතානායකතුමාගේ හැටියට ඒ 70 මදි. ඒ 70 පොඩි වැඩියි 16 දෙනාට.

Your Comments