විපක්ෂ නායක ධූරයට තරග කරන ප්‍රබලයෙක් ගැන ජවිපෙන් හෙළිදරව්වක්

26

විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවන්නේ නම් ඒ සඳහා පළමුව ඉදිරිපත් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ යම් හෙයකින් ඒකාබද්ධ විපක්සය ස්වාධීන වීමට තීරණය කරන්නේ නම් පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම ඊට සහය ලබා දෙන බවයි.

Your Comments