Home Top Stories විපක්ෂ නායක ධුරය ගැන අවසන් තීරණය අගෝස්තු පළමු සතියේ

විපක්ෂ නායක ධුරය ගැන අවසන් තීරණය අගෝස්තු පළමු සතියේ

5

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් නිසි විසදුමක් කතානායක කරූ ජයසූරිය මහතා විසින් අගෝස්තු මස පළමු සතිය තුළ ලබා දෙනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ ඊයේ මහරගම පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර විපක්ෂ නායක ධූරය ඇතුළු විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන ලෙස ඉල්ලමින් එහි මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලියවිල්ලක් කතානායකවරයාට භාරදීමට ද සැලසුම් කර තිබෙනවා.

Your Comments