විනය පරීක්ෂණයකට විජයකලා අද කැඳවයි

14

පරීක්ෂණ අවසන්වනතුරු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය සිය ධූරයෙන් තාවකාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ විනය පරීක්ෂණයක් සඳහා ඇය අද දින කැඳවා ඇති අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.
එල් ටී ටී සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය පෙරේදා දින යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියා.
ඒ සමග පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් බහුතරයක් කියා සිටියේ ඇය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් කඩිනමින් පැවැත්විය යුතු බවයි.
මේ හේතුවෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී ද ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයක්.
ඒ අනුව සභාව අද දින දක්වා කල් තැබීමටයි කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේ.

Your Comments