විජයකලා අත්ඩංගුවට ගන්නැයි සිංහල රාවය පොලීසි යයි

12

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශයට එරෙහිව සිංහල රාවය සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවේ ඇය අත්අඩංගුවට ගනිමින් කඩිනම් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අදාළ පැමිණිල්ල මගින් ඉල්ලා සිටි බවයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් ඊයේ පැවැත්වුණේ යාපනය – වීරසිංහම් ශාලාවේදියි.

එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ද එක්ව සිටියා.

එම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සඳහන් කළේ දෙමළ ජනතාවට සාධාරණය ඉටුවීමට නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවයි.

ඒ අනුව, අදාළ ප්‍රකාශය සිදු කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි අමාත්‍යවරුන් ඇතුළු බලධාරීන් ද අත්අඩංගුවට ගත යුතු බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් තවදුරටත් කියා සිටියා.

Your Comments