විජයකලාගේ ප්‍රකාශය ගැන ස්වදේශ කටයුතු ඇමතිගෙන් අපරාධ නිවාරණ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කරගනී

28

එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් අපරාධ නිවාරණ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.
යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති එම රාජ්‍ය උත්සවයට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වූ බැවින් හිටපු රාජ්‍ය ඇමතිනිය විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන කමිටු වාර්තාව ඉදිරි සති දෙක තුන තුළ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ විජයකලා මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහෝසි කළ යුතු බවයි.

Your Comments