වැසි ජලයේ ගසාගෙන ආ වැලි මුව පැටියකුගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත් වෙයි
රංජිත් රාජපක්ෂ - හැටන්

34

නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (26) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමගම කදු මුදුණේ සිට මහවැලි ගගට ජලය ගලා බසිනා කුඩා ඇළ පාරක් දිගේ ගසාගෙන ආ මාස දෙකක් පමණ වයසැති  වැලි මුව පැටියෙකුගේ ජිවිතයක් බේරා ගැනිමට පිරිසක් සමත් තිබෙනවා.

නාවලපිටිය පොලිස් වසමට අයත් ටිල්ටන් වත්ත ප්‍රදේශයේ ඇල පහරක මෙම වැලි මුවා පහලට ගසාගෙන ආ බවයි එම වත්තේ පදිංචිකරුවන් කියා සිටියේ.

ජල පහරට ගසාගෙන ආ වැලි මුවා පැටියාගේ දකුණු ඇසට බරපතල තුවාල සිදු වි ඇති බවත්, එම වත්තට ඉහලින් වු රක්ෂිතයේ වැලි මුවන් රංචු වශයෙන් සැරිසරන බවත් ප්‍රදේශවාසින් පවසනවා.

වැලි මුව පැටියා නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාරදිමට එම පැටවා බේරා ගත් අය මේ වන විට කටයුතු කර තිබෙනවා.

Your Comments