වැටුප් වැඩිකරන්නැයි ෆොන්සේකාගෙන් ඉල්ලිමක්

17

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සඳහා රජය අවධානය යොමු කරන්නා සේම මැති ඇමතිවරුන්ගේ වැටුප සම්බන්ධයෙන් ද සාධාරණ ලෙස තීන්දුවක් ගත යුතු බව ෆීල්ඞ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

හරි විස්තර, වැටුප් විස්තර, මොනවද වැඩි කරන්න ගියේ කියන එක අපිත් දැනුවත් වෙලා තිබුණේ නෑ. නමුත් මා දකිනවා වැටුප් වැඩි කිරීමක් නෙවෙයි… ජීවන වියදම වැඩිවෙන විට ප්‍රවාහන ගාස්තු වැඩි වන විට සමහර අංශවලින් සමහර දීමනා අනිවාර්යයෙන්ම මැති ඇමතිවරුන්ට විතරක් නෙවෙයි… දැන් රජයේ සේවකයින්ටත් සමහර අයට වැටුප් වැඩි කරානේ. වැඩි කිරීම් සිද්ධ වෙන්න ඕන යම් යම් වෙලාවල. ඒක සාධාරණ විදිහට වුණොත් ඉතින් ප්‍රශ්නයක් නෑ. විශාලම වියදම තියෙන්නේ ප්‍රවාහනයට තමයි. අපිත් ලක්ෂ එකහමාරක් විතර ඉන්ධන වැය කරනවා මාසිකව අපේ වැටුපෙන්. විසි කරලා දාලා හරියන්නේ නැහැ. හරියට අධ්‍යයනයක් කරලා ගත යුතු පියවරක් තියෙනවා නම් ගන්න ඕන.

Your Comments