Home දේශීය පුවත් වැටලීම් වලින් දඩ ලෙස කෝටියකට අධික මුදලක් රජයට

වැටලීම් වලින් දඩ ලෙස කෝටියකට අධික මුදලක් රජයට

9

වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදු කළ වැටලිම්වලදී රුපියල් කෝටියකට අධික මුදලක් දඩ ලෙස රජයට අයකර දී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මේ වසරේ වැටලිම් 1576ක් සිදු කර ඇති අතර ඊට අදාලව නඩු 4762ක් පවරා ඇති බවයි එම සංගමය කියා සිටියේ.

මෙහිදී රුපියල් එක්කෝටි 21 ලක්ෂ 76 දහසක මුදලක් දඩ ලෙස රජයට අයකර දී ඇති බව ද එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළා.

ඒ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරිම, ආහාර ලේබල් උල්ලංඝණය කිරිම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එම නඩු පවරා ඇති බව සඳහන්.

ඉදිරියේදී මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බව ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Share this Article!

Your Comments