ව්‍යාජ අමෙරිකානු ඩොලර් තොගයක් සමග මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට

12

ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් සමග 49 හැවිරිදි මාලදිවයින ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද අලුයම 5.35 ට පකිස්තානයේ ලාහෝර් නුවර සිට මෙරටට පැමිණ ඇති බව සඳහන්.
ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමෙරිකානු ඩොලර් නෝට්ටු 169 ක් තිබූ අතර , ඒවායේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම 13, 68,900 ක් බව සඳහන්.
මෙම ව්‍යජ නෝට්ටු ශ්‍රී ලංකාව තුළ දී මාරු කර ගැනීම මෙම මාලදිවයින ජාතිකයාගේ අරමුණ බව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

Your Comments