වර්ජනයේ නිරත සේවකයින්ට ජූනි මස වැටුප අහිමිවෙයි
ආවොත් හැදෙයි - නාවොත් කැපෙයි

10

වැඩවර්ජනය අවසන් කර සේවයට වාර්තා කර නොමැති සේවකයින් නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අභයරත්න මහතා ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවයි.

සේවයට වාර්තා නොකර තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි පළමු වන දා සිට ජුනි 11 වන දා දක්වා පමණක් වැටුප් ගණනය සිදු කෙරෙන බව ද තැපැල්පතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.

මේ අතර අද දිනයේ දී ද බලධාරීන් සමඟ සිය ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක බවයි තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ

Your Comments