වර්ජනයෙන් තැපැලේ දිනක පාඩුව කෝටි 15 ක්

4

තැපැල් සේවකයින්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දෛනිකව රුපියල් කෝටි 15 කට අධික මුදලක් එම දෙපාර්තමේන්තුවට අහිමි වන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසනවා.

එමෙන්ම තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට දිනයේදී වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි හෙතෙම කියා සිටියේ.

කෙසේ වෙතත්, ඒ පිලිබඳව NEWS24 කළ වීමසීමකදි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ ප්‍රකාශ කළේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් අදාල කිසිදු පාර්ශවයකින් මෙතෙක් නොලැබුණ බවයි.

මේ හේතුවෙන් හෙට කොළඹදි විරෝධතා පා ගමනක්ද සංවිධානය කර ඇති බව ද එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියා.

Your Comments