වන අලි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

10

නාවුල – ලිහිණිපිටිය – මඩවලඋල්පත ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත්තේ අවුරුදු 29 සහ 30 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක්.
මොවුන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
මේ අතර හොරොව්පතාන නිකවැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිදකට වැටි සිටි කුඩා ඇත් පැටවෙකු වනජීවී නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව අද උදෑසන මුදාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි මේ ඇත්පැටවා බේරාගැනීමේ මෙහෙයුම වනජීවී නිලධාරින් ආරම්භ කර ඇත්තේ.
මේ අතර, දැනට ඉදිකර ඇති අලිවැටවල්වල දෝෂ හදුනා ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් පත් කර ඇති බව වන ජිවී හා තිරසර සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා.
හෙතෙම කියා සිටියේ අදාළ කණ්ඩායම් විසින් අලිවැටවල්වල පවතින දෝෂ පිළිබඳ වන වාර්තාවක් කඩිනමින් තමන් වෙත ලබා දෙනු ඇති බවයි.
අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසුවේ අලි වැටවල් නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් 3,000 ක් ලබා දීමට ජනාධීපතිවරයා එකග වී ඇති බවයි.

Your Comments