වනාතවිල්ලුවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

32

වනාතවිල්ලුව – අරුවක්කාළු ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කසල බැහැර කිරීමේ අංගනයට කඩා වැදී එහි දේපල වලට හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන දෙදෙනෙකු වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රිවරයෙක් සහ තවත් අයෙකු බව සඳහන්.
කොළඹ එකතු වන කැළි කසල බැහැර කිරීම සඳහා වනාතවිල්ලුව – අරුවක්කාළු ප්‍රදේශයේ කසල අංගනයක් මේ දිනවල ඉදි කරමින් පවතිනවා.
මෙම කසල අංගනය ඉදිකළහොත් ප්‍රදේශයේ පරිසරයට විශාල හානියක් සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවයක ද නිරත වුණා.
විරෝධතාවයේදී කසල අංගනයේ ගොඩනැගිල්ලකට අලාභ හානි සිදු කර ඇති බවටයි අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වන්නේ.
සැකකරුවන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments