වතු කම්කරුවන් තවදුරටත් වර්ජනයේ
රංජිත් රාජපක්ෂ - හැටන්

6

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් ලංකා කම්කරු කොංග්‍රසය ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව, හැටන්, මස්කෙළිය, තලවකැලේ ඇතුලූ ප්‍රදේශ කිහිපයක වර්ජනය ක්‍රියාත්මක බවයි නිව්ස් 24 වාර්තාකරු කියා සිටියේ.
ඒ හේතුවෙන් එම ප්‍රදේශවල කර්මාන්තශාලාවල තේ නිෂ්පාදන කටයුතු ද ඇණ හිට තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයට සම්බන්ධ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

  

 

Your Comments