වතුර බැරලයකට වැටී දැරියක් මරුට

11

තණමල්විල, ඌව කුඩාඔය ප්‍රදේශයේ දී වතුර පුරවා තිබු බැරලයකට වැටීමෙන් 08 හැවිරිදි දැරියක් මිය ගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක්.

දැරිය මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර මව විසින් දැරිය පිළිබඳ සොයා බැලීමේදී ඇය වතුර පිරවූ බැරලය තුලට වැටී සිටිනු දැක තිබෙනවා.

කඩිනමින් දැරිය තණමල්විල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද ඒ වන විටත් දැරිය මිය ගොස් තිබූ බව සඳහන්.

Your Comments