ලක්ෂ 64ක විදේශ මුදල් කටුනායකදී අල්ලයි

20

නීතිවිරෝධී ලෙස විදේශ මුදල් තොගයක් සිංගප්පුරුව බලා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මුදල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 64ක් වන අතර බ්‍රිතාන්‍ය පවුම්, යුරෝ සහ සවුදි රියාල් ඒ අතර තිබී ඇති බව සඳහන්.

සැකකරුවන් 61 සහ 33 යන වයස්වල පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල සහ ඔවුන් ඇද සිටි ඇඳුම් අතර මෙම විදෙස් මුදල් තොගය සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

මේ අතර ගුද මාර්ගයේ සඟවා රන් බිස්කට් 05ක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

රන් බිස්කට්වල වටිනාකම රුපියල් ලක්ෂ 34ක් පමණ වන බව සඳහන්.

Your Comments