ලක්ෂ 360ක රත්‍රන් සමඟ ආගමන විගමන ප්‍රධානියෙකු අත්අඩංගුවට

14

රුපියල් කෝටි තුනහාමාරකට අධික රත්‍රන් තොගයක් සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළේ සේවය කරනු ලබන අදාළ පුද්ගලයා කිලෝ ග්‍රෑම් 06ක රත්‍රන් තොගයක් ගුවන් තොටුපලින් පිටතට රැගෙන ඒමේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔහුට අදාළ රත්‍රන් තොගය විදේශිකයෙකුගෙන් ලැබෙන්නට ඇති බවටයි රේගුව සැක පළ කරන්නේ.

කෙසේවෙතත් ඔහු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි NEWS24 ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

Your Comments