ලංකාවේ අභිලාෂයට චීනයේ පූර්ණ සහය හිමිවන බව අවධාරණය කරයි

9

ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා අභිලාශයට චීන කොමියුනිස්ට් පක්‍ෂය හා එරට ජනතාවගේ පූර්ණ සහය හිමි වන බව චීනය පවසනවා.
චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ග්ඔ යේඡු මේ බව ප්‍රකාශ කළේ ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවකදියි.
චීන ජනාධිපති ෂි ජිං පිංග් ආරම්භ කළ එක් මාවතක් වැඩපිළිවෙල යටතේ ඊට අවස්ථාව උදා වන බවයි හෙතෙම සඳහන් කරන්නේ.

Your Comments