ලංකාවට මුදල් එවීමේදී විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් බදු හෝ ගාස්තු අය නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

49

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවල සිට දිවයිනට මුදල් එවීමේදී ඔවුන්ගෙන් බදු හෝ ගාස්තු වශයෙන් කිසිදු අයකිරීමක් සිදු නොකරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජාතික ආර්ථික සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
මේ අතර භාණ්ඩ හා සේවා සැපයීමේදී අසීමිත ලාභයක් ඉපයීමෙන් මතුව ඇති අහිතකර තත්ත්වයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා අපනයන ප්‍රවර්ධනය කිරීම සහ ආනයන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බදු ප්‍රතිපත්තියේ සිදු කළ සංශෝධන කෙරෙහිද එහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments