රේගු නිලධාරීන්ට පහර දුන් කුවේට් ජාතික යුවලට ඇප

22

රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහර දුන් කුවේට් ජාතික යුවල ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔවුන් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැර ඇති බව සදහන්.
එම යුවළ සුනඛයෙකු රැගෙන ඒම හේතුවෙන් ඇති වූ ගැටලුවක් නිසා ඊයේ පස්වරුවේ දී ඔවුන් රේගු නිලධාරීන්ට මෙලෙස පහර දී තිබුණා.

Your Comments