රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් රේගු භාරයට

13

රුපියල් විසිදෙලක්ෂ පනස්දහසක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් කුරුණෑගල ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක තිබී රේගු භාරයට ගෙන තිබෙනවා.
මුහුදු මාර්ගයෙන් මෙරටට එවන ලද භාණ්ඩ තොගයක් අතර සඟවා එවා තිබූ දුම්වැටි 45, 000ක් අඩංගු දුම්වැටි කාටූන් 225 ක් මෙහිදී සොයාගෙන ඇති බව සඳහන්.
කුවේට් රාජ්‍යයේ වසර 30 ක් සේවය කළ 50 හැවිරිදි, කන්තලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමට මෙම භාණ්ඩ තොගය එවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

Your Comments