රුපියල් මිලියන 03ක වටිනාකමකින් යුතු හෙරොයින් පාර්සලයක් රේගු භාරයට

25

රුපියල් මිලියන 03ක වටිනාකමකින් යුත් හෙරොයින් අඩංගු පාර්සලයක් ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු වෙත ඇඳුම් කට්ටලයක් තුළ සඟවා මෙම හෙරොයින් පාර්සලය ඒවා ඇති බව සඳහන්.

එය ගුවන් තොටුපළ රේගුවේ ගුවන් තැපැල් පාර්සල් අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව, සිදු කළ මූලික පරීක්ෂණවලින් අනතුරුව වයස අවුරුදු 45ක් සහ 26ක් වන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ගුවන්තොටුපල රේගුව පැවසුවේ.

Your Comments