රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්‍ෂයක් වටිනා විදෙස් මුදල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක දී අත්අඩංගුවට

14

රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්‍ෂයක වටිනාකමකින් යුත් විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධිව මෙරටින් රැගෙනයාමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අකුරණ සහ පාමංකඩ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

ඔවුන් චීනයේ ෂැංහයි බලා පිටත්ව යාමට නියමිතව සිටි බව සඳහන්.

සැකකරුවන්ගේ ගමන්මළු දෙකක සඟවා තිබියදී මෙම මුදල් තොගය සොයාගෙන තිබෙනවා.

ඒවා අතර අමෙරිකානු ඩොලර්, හොංකොං ඩොලර් සහ ඉන්දියානු රුපියල් ද වන බව සඳහන්.

Your Comments