Home දේශීය පුවත් රිවොල්වරයක් සහ ජීව උණ්ඩ 05ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

රිවොල්වරයක් සහ ජීව උණ්ඩ 05ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

2

විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වරයක් සහ ජීව උණ්ඩ 5 ක් සමග සැකකරුවන් තිදෙනෙකු කඩවත එඬෙරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 19 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් වත්තල සහ කඩවත යන ප්‍රදේශවල පදිංචි 30 හැවිරිදි සහ 32 හැවිරිදි වියේ පසු වන්නන්.

ඔවුන් අද දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share this Article!

Your Comments