රාජ්‍ය ආයතන 19ක සේවකයින් අද වැඩවරයි

20

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාව මුල්කරගනිමින් අද එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විධායක සේවා නිලධාරීන් තීරණය කර තිබෙනවා.
දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේ, රාජ්‍ය ආයතන 19ක විධායක නිලධාරීන් මෙම වැඩ වර්ජනය සඳහා සහභාගී වන බවයි.
මේ අතර ජාතික රුධිර මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යඛ්ෂවරයා ඉවත් කරන ලෙස රජයට බල කරමින් නාරහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් පෙරේදා දින ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
අද දිනයේද සිය ගැටලුව සඳහා විසදුම් නොලැබුණහොත් රට පුරා පැවැත්වෙන ලේ දන්දීමේ රාජකාරී කටයුතුවලින් තමන් ඉවත් වන බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව එළඹෙන සති අන්තයේ සිට දිවයින පුරා රෝහල්වල සැත්කම් සඳහා අවශ්‍ය ලේ හිගයක් පවතිනු ඇති බවටයි ඔවුන් සඳහන් කරන්නේ.

Your Comments