Home දේශීය පුවත් රත්මලානේ දී යුධ හමුදා කෝප්‍රල්වරයෙකුට වෙඩිතැබූ සැකකරු අත්අඩංගුවට

රත්මලානේ දී යුධ හමුදා කෝප්‍රල්වරයෙකුට වෙඩිතැබූ සැකකරු අත්අඩංගුවට

44

රත්මලාන – චක්කින්දාරාම පාරේදී යුද හමුදා කෝප්‍රල්වරයෙකු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී
රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා ලූතිනන් කර්නල්වරියකට අයත් නිවසකට පසුගිය 25 වනදා එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු තුවාල ලැබුවා.

Share this Article!

Your Comments