රත්නපුර අධිකරණයේ කොල්ලකෑමක්

8

රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය තුළ කොල්ලකෑමක් සිදුව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ හෝ අද අලුයම අධිකරණයේ දොරගුළු ඉවත් කරමින් පැමිණි පිරිසක් මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

නඩු භාණ්ඩ වශයෙන් තබා තිබුණු ගංජා කිලෝ 04 කට අධික තොගයක් ඔවුන් විසින් රැගෙන ගොස් වෙනත් ස්ථාතයක දමා තිබෙනවා.

කෙසේ වෙතත් කුමන භාණ්ඩ සොරා ගත්තේ ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ආරක්ෂක අංශ නිලධාරීන් රාජකාරියේ නිරතව සිටින අවස්ථාවකදී මෙම කොල්ලකරුවන් පැමිණ ඇති බවට ද මේ වන විට අනාවරණ වී තිබෙනවා.

Your Comments