Home Top Stories රජයේ වෛද්‍යවරුන් ලබන සතියේ වර්ජනයකට සූදානමින්

රජයේ වෛද්‍යවරුන් ලබන සතියේ වර්ජනයකට සූදානමින්

13

සිය සංගමය රජයට ඉදිරිපත් කර ඇති ගැටලු 10 සඳහා මෙතෙක් නිසි විසදුම් ලබී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පවසනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ එම සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ද පවත්වා තිබෙනවා.
එහිදී තීරණය වී ඇත්තේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවසන් තීරණය ගැනීමේ බලය මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාව වෙත පැවරීමටයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය මහතා පැවසුවේ ඕනෑම ආකාරයක වැඩවර්ජනයකට අවතීර්ණ විය හැකි බවයි.

Your Comments