යුදගනාව වැවෙන් සොයා ගත් අත්බෝම්බය නිෂ්ක්‍රීය කෙරේ

17

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් බුත්තල යුදගනාව වැවේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

යුදගනාව වැවේ ඉදිකිරීම් කරමින් සිටි පුද්ගලයකු මෙම අත්බෝම්බය දැක ඒ පිළිබඳව බුත්තල පොලිසියට සිදු කල දැනුම් දීමකට අනුව මෙම අත්බෝම්බය සොයාගෙන තිබෙනවා.

විදෙස් රටක නිෂ්පාදිත මෙම අත්බෝම්බය කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් වැවේ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැකපල කරන අතර ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් මේ වනතෙක් අනාවරණය වී නොමැත.

යුද හමුදා නිලධාරීන් පැමිණ අද (09) උදෑසන මෙම බෝම්බය නිෂ්ක්‍රීය කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

Your Comments