යශෝධ රංගේ බණ්ඩාරට ඇප

7

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු අද හලාවත දිසා විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නඩුව අවසන් වන තුරු සැකකරුගේ රියදුරු බලපත්‍රය අධිකරණය භාරයේ තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

බීමතින් කැබ් රථයක් පදවා හලාවත බංගදෙණිය ප‍්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කළ බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වි ඇත්තේ.

නඩුව යළි ලබන 28 වන දා කැඳවීමට නියමිතයි.

Your Comments