මුදලට සූදූ ක්‍රීඩා කළ අටක් පොලිසියට කොටුවෙයි
ජයන්ත වීරසේකර - වැල්ලවාය

17

තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ දී නීති විරෝධීව මුදලට සූදූ ක්‍රීඩා කල පුද්ගලයන් අට දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හම්බෙගමුව පොලිසිය සිදු කල හදීසි වැටලීමකදීයි. සැකකරුවන් විසින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සසැකකරුවන් තණමල්විල, හම්බෙගමුව සහ සෙවනගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය කියා සිටියේ.

වැටලීම සිදු කරන අවස්ථාවෙදී එම ස්ථානයේ තිබූ මුදල් ඇතුළු දේපල රැසක් පොලිස් භාරයට ගෙන ඇති අතර තවත් සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් තිබෙනවා. පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන හම්බෙගමුව පොලිසිය සිදු කරනු ලබනවා.

Your Comments