මීරියබැද්ද ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට කාන්තාවක් ඝාතනය කරයි

30

පස්සර, මීරියබැද්ද ප්‍රදේශයේදී නිවසක් ඉදිරිපිටදී තියණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනයකර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පවුල් ආරවුලක් මත මියගිය කාන්තාවගේ සැමියාගේ පියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකළ 65 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ඔහු අද බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Your Comments