මිලියන 2778ක හෙරොයින් කිලෝ 231 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

11

රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාවේ සහය ඇතිව බලපිටිය හා බේරුවල අතර මුහුදු තීරයේ  ඊයේ රාත්‍රී සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
ඔවුන් සතුව තිබී රුපියල් මිලියන 2778කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 231.54ක තොගයක් සොයාගෙන තිබෙනවා.
මෙරටින් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය මෙය වන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
හෙරොයින් තොඟය ප්‍රවාහනය කළ බෝට්ටුවක් ද එම වැටලීමකදී සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 34 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

 

Your Comments