මැදවච්චිය තලෙයිමන්නාරම් දුම්රිය ගමන් යළි ඇරඹෙයි

26

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අද උදෑසන එම දුම්රිය මාර්ගයේ පරීක්ෂණ චාරිකාවක් සිදු කිරීමට නියමිතයි.
පස්වරුව වන විට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පාලම් තුනක නඩත්තු කටයුතු හේතුවෙන් මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය නතර කෙරුණේ පසුගිය අගෝස්තු මස 17 වන දායි.
දෛනිකව කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා සහ තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 4 ක් ක්‍රියාත්මක වනු ඇතී.
මාර්ගය වසා දමා තිබූ කාලය තුළ මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා විශේෂ ලංගම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

 

Your Comments