Home දේශීය පුවත් මාදම්පාගමදී ලංගම බස් රථයකට ගල් ගසයි

මාදම්පාගමදී ලංගම බස් රථයකට ගල් ගසයි

4

අම්බලන්ගොඩ – මාදම්පාගම ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ එල්ල වූ මෙම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ රියදුරුට තුවාල සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේ වෙතත්, ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ.

මේ අතර, අද දින සේවයට වාර්තා නොකරන දකුණු පළාත් දුරගමන් සේවා සියලු‍ බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී, හේමචන්ද්‍ර මහතා පවසනවා.

දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක නිරත වන්නේ කෙටිදුර ධාවන බස් නැවතුම්පලවල නවතා මගීන් නංවා ගැනීම සඳහා ඉඩ ලබානොදීමට විරෝධය පළ කරමින්.

ඊයේ ආරම්භ කළ වර්ජනය මේ වන විට ක්‍රියාත්මක වන අතර, මේ හේතුවෙන් කොළඹට පැමිණෙන මගීන් සහ කාර්යාල වෙත පැමිණෙන පිරිස් ද අපහසුතාවට පත්ව සිටිනවා.

Your Comments