මාතර රන් කොල්ලයේ දී පළා ගිය හබරකඩ වසන්තගේ නිවසෙන් ආයුධ හමුවෙයි

19

මාතර රන් භාණ්ඩ අලෙවි සැල කොල්ල කෑමේ සිද්ධියේ දී පළා ගිය සැකකරුවන් 3 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.
සැකකරුවන් අතර ප්‍රබල පාතාල සාමාජික හබරකඩ වසන්ත නමැත්තා ද වන බවයි ආරංචි මාර්ග පවසන්නේ.

එම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී රිවෝල්වරයක් සහ උණ්ඩ කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව හබරකඩ වසන්ත නමැත්තාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ඉදිරි විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී ඇති අතර සොයා ගැනුණු ගිනිඅවිය පසුගියදා මාතර කොල්ලයට පැමිණ ඇති වූ වෙඩි තැබීමේදී භාවිත කර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

Your Comments