Home Top Stories මාතර කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

මාතර කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

1

මාතර නගරයේදී පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැඳී තුවාල ලබා සිටින සෙසු සැකකරුවන් තිදෙනා ජුලි මස 02 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් එම නියෝගය ලබා දුන් බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු පැවසුවේ.
අදාළ සැකකරුවන් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර මාතර ස්වර්ණාභාරණ වෙලඳසැලක් කොල්ලකෑමේ සිද්ධිය අතරතුර ඇති වු මෙම වෙඩි හුවමාරුවේ දී අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නමැති ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගියා.
ඒ, සැකකරු කොල්ලකෑමට රැගෙන ආ ඇදුම් බෑගයක් මාතර කිරළකැළේ ප්‍රදේශයේ සඟවා ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහු එම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ දීයි.
එහිදී සැකකරු පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා තිබෙනවා.
බරපතල තුවාල ලැබු ඔහු මාතර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෑතකදී සිදු වු පුද්ගල ඝාතන හා වෙඩි තැබීමේ සිද්ධින් රැසක් සඳහා චෝදනා එල්ලව සිටි චාමර ඉන්ද්‍රජිත්, වේයන්ගොඩ මාළිඟාතැන්න ප්‍රදේශයේ පදිංචි සිටි අයෙක්.
පසුගිය අප්‍රේල් 21 වන දා අත්තනගල්ලේ දී සංගීත සංදර්ශනයක් අතරතුර සිදු වු වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ඝාතනය කර ගැබිනි කාන්තාවක ඇතු`ඵ පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ ද ඔහු බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ වේයන්ගොඩ උදම්මිට සමරේ නැමති පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ල වී ඇති බවයි.

Share this Article!

Your Comments