මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

13

වාර්ෂික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද පස්වරු 6යි 16ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි.
මහනුවර ශ්‍රී දළඳා මාලිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ කුඹල් පෙරහර දින පහක් පුරා විථි සංචාරය කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර, පෙරහර මංග්‍යය පැවැත්වෙන කාලය තුල මස් මාංශ වෙළඳසැල් සහ සුරාසැල් වසා තැබීමට කටයුතු කර තිබෙනවා.
පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරලීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් විශේෂ වැටලීම් ඒකකයක් ද පිහිටුවා ඇති බව සඳහන්.
එමෙන්ම පෙරහර කාලසීමාව තුළ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 700 ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇති අතර පෞද්ගලික බස් රථ 400 ක් ද ධාවනයට එක් කිරීමට නියමිතයි.

Your Comments