මවගෙන් වෙන් වී අතරමංව සිටි හඳුන් දිවි පැටවුන් දෙදෙනෙක් හමුවෙයි
රංජිත් රාජපක්ෂ - හැටන්

15

තේ දළු නෙලමින් සිටි වතු කම්රුවන් පිරිසකට මවගෙන් වෙනි වී සිටි හඳුන් දිවි පැටවුන් දෙදෙනෙකු හමු ව තිබෙනවා.
බගවන්තලාව පොලිසිය පැවසුවේ කර්කස්වොල් වතු යායේ මැද කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් අද (04) දහවල්  මෙම හඳුන් දිවි පැටවා තේ පඳුරක් යට සිටිනු දැක ඇති බවයි. පසුව එම පැටවුන් දෙදෙනා ආරක්ෂිතව රැගෙන බගවන්තලාව පොලිසියට භාරදිමට වතු කම්කරුවන් කටයුතු කර ඇත.
සති කිහිපයක් වයස ඇති මෙම හඳුන් දිවි පැටවුන් දෙදෙනා මව විසින් රැගෙන විත් තේ ගස් යට  තබන්නට ඇති බවයි වතු කම්කරුවන් පවසන්නේ.
මෙම හඳුන් දිවි පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ  නිලධාරින්ට භාරදිමට කටයුතු කරන බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

 

Your Comments