Home දේශීය පුවත් මවකට සහ බිළිඳියකට පහරදීමට සැකපිට වතු සේවකයන් තුන් දෙනෙක් අත්අඩංගුවට රංජිත්...

මවකට සහ බිළිඳියකට පහරදීමට සැකපිට වතු සේවකයන් තුන් දෙනෙක් අත්අඩංගුවට
රංජිත් රාජපක්ෂ - හැටන්

3

බගවන්තලාව කොටියාගල වතුයායේ පදිංචි මවකට සහ ඇගේ මාස එක හමාරක් පමණ වයසැති බිලිදියට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වතු කම්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වතු යායේ පාලනාධිකාරිය කම්කරුවන් වෙත ලබා දී ඇති ඉඩමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අදාළ පහරදීම සිදුව ඇති බව සඳහන්.
පහරකෑමට ලක්ව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අදාළ කාන්තාව සඳහන් කරන්නේ නිවසට යාබඳ පදිංචිකරුවන් තිදෙනෙකු විසින් තමාට සහ බිළිඳියට පහරදීම සිදු කළ බවයි.

Share this Article!

Your Comments