මදුරගල රක්ෂිතයේ අක්කර 50ක් විනාශයි
(ජයන්ත වීරසේකර - වැල්ලවාය)

13

වැල්ලවාය රන්දෙණිය ග්‍රාම නිලධාරී වසමේ මදුරගල කන්ද රක්ෂිතයේ ඊයේ (5) රාත්‍රියේ හටගත් ගින්න ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ආපදා කලමනාකරන ඒකකයේ දැනුම් දීමකට අනුව යුද හමුදා භට කණ්ඩායමක් ගින්න මැඩපැවැත්වීමට ඊයේ රාත්‍රියේම එම ප්‍රදේශයට ගොස් තිබුණත් දැඩි සුලං තත්ත්වය සහ වියලි කාලගුණය නිසා ගින්න මැඩපැවැත්වීමට නොහැකි වී තිබෙනවා.

ගින්නෙන් රක්ෂිතයේ අක්කර පනහකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, වන සතුන් රැසක්, ඖෂධ පැළෑටි සහ වටිනා ශාක රැසක් ම විනාශ වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Your Comments