මත් ද්‍රව්‍ය මර්ධනය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

31

මත් ද්‍රව්‍ය සැපයුම් ජලයට අත නොතබා රටේ මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඉබ්බාගමුව නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළා.
2015 වසරේ සිට මත් ද්‍රව්‍ය සැපයුම් ජාලය අක්‍රිය කිරීමට තම රජය පියවර ගත් බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම, මත් ද්‍රව්‍ය මර්ධනය කිරීමට නිසි වැඩපිළිවෙලක් නොතිබීම සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් කොළඹට පමණක් සීමාව තිබූ මත් ද්‍රව්‍ය මේ වන විට ග්‍රාමීය ප්‍රදේශ දක්වා ද ව්‍යාප්ත වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

Your Comments