මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමට යෝජනාවක්

20

මත් ද්‍රව්‍ය ජාවාරම් වැනි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට වු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වු බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.
කැබිනට් හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ යෝජනාවට සමස්ත කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇති බවයි. මේ සඳහා කිසිවෙකුත් විරුද්ධ නොවූ බවත් අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර පසුගිය දින කිහිපය තුළ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.

එස්.එම්.එස්. පණිවුඩයේ පළවෙනියටම උදේ එන්නේ සී ස්ට්‍රීට් එකේ ඝාතනයක් සම්බන්ධව, ඊට පොඩි වෙලාවකට පස්සේ නැවත එන්නේ පකිස්ථාන ජාතිකයෙක් ගුවන් තොටුපොළේදී කුඩු ගෙනල්ලා අල්ලපු එක ගැන. ඊට පස්සේ ආයේ එන්නේ නැවත වතාවක් මිනිමැරුමක් සම්බන්ධයෙන්. ඊට පොඩි වෙලාවකට පස්සේ නැවත එන්නේ ඝාතනයක් සම්බන්ධයෙන්. මේ ආණ්ඩුව අවුරුදු තුන හමාරක අපමණ අගය තමයි අර අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ ජීවත් වෙන ප්‍රදේශවලට දරුණු තත්ත්වයකට ලංකාව අද පත්වෙලා තියෙනවා.

මේ අතර පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීම සඳහා නව තීන්දු තීරණ කිහිපයක් ක්‍රියාත්මක කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන, නීතිය සහ සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා.

මේ වසරේ විශාල පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය, ඒ වගේම වාර්ෂිකව අඩුවීමක් තියෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයක් ඊට සාපේක්‍ෂව විසඳුණු තත්ත්වයක් තියෙනවා. ගොඩක් වෙලාවට වැලිකඩ වගේ කොළඹ තදාසන්න ප්‍රදේශවල ඉදන් තමයි මේවා මෙහෙයවන්නේ. ඒ වගේම මේ මුදල් ගනුදෙනු සිදුවෙන්නේ ඊෂි කෑෂ් කියන ක්‍රමය හරහා. දැන් අපි කතාකරගෙන යනවා මේවා ඉදිරියේදී කොහොමද නතර කරන්නේ කියලා. සමහර විට අපට ඊෂී කෑෂ් කියන ක්‍රමයටම අහෝසි කරන්න. සමහරට විට ඒකෙන් ඇතමුන් අපහසුතාවයට පත්වෙයි. නමුත් අපට සිදුවෙනවා රට ගැන සිතලා දැඩි තීන්දු තීරණ ගන්න. එසේම බන්ධනාගාරය තුළ මොවුන් දැනට තමන්ගේ ජාවාරමට සම්බන්ධ දේවල්වලින් සන්නද්ධ වෙලා තියෙනවා. මේ යාන්ත්‍රණය නතර කරන්න දැන් වැඩසටහනක් සකස් කරමින් යනවා. මේ බන්ධනාගාරය තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් පාතලය ශක්තිමත්වීම් ජාවාරම්කරුවන් ශක්තිමත්වීම් නවත්වන්න අලුත් වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා.

Your Comments