භික්ෂූන් වහන්සේලා පිරිසක් රාජ්‍ය උත්සව වර්ජනයට සැරසෙයි

11

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී රාජ්‍ය උත්සව වර්ජනය කිරීමට සිදුවනු ඇති බව පැවිදි හඬ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ සභාපති මණ්ඩල සාමාජික, රුහුණු සංඝ සභාවේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර ගත කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට අද පස්වරුවේ දී සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතයි.

Your Comments