බොරලැස්ගමුව රිය අනතුර සිදු කළ වෛද්‍යවරිය මුදාහරී

5

බොරලැස්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා අද නියෝග කළේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත ඇය මුදා හැරීමටයි.
අදාළ වෛද්‍යවරිය අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි බවයි වාර්තා වුණේ.
කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂවරයෙකුට මරු කැදවමින් බොරලැස්ගමුවේදී අදාල විශේෂඥ වෛද්‍යවරිය විසින් මෙම අනතුර සිදු කර තිබුණේ පසුගිය මස 30 වනදායි.

 

Your Comments